මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවට තමන් යටතේ සිටින සිරකරුවන් පවා ආරක්ෂා කරගත නොහැකි බවට චෝදනාවක් ඇති බවට ඊයේ (11) කොළඹදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
“ආරක්ෂාව දෙන්න බැරිකමක් වර්තමාන ආණ්ඩුව නැහැ. සමථයකට පත්වුණු ගැටුමක් නැවත ඇවිළිලා රාජ්‍ය සේවකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වෙන්න පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපි හොයන්න ඕනෙ.
මොන ක්‍රියාමාර්ගයෙන් හෝ මේ ආණ්ඩුව වෙනස් කරන්න, බලය ලබාගන්න කැමැත්තෙන් පිරිසක් ඉන්නවා. අන්න එහෙම ටීම් එකක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට එක වෙලාවක උසාවිය කතා කරනවා, එතෙන්ට යන්න වෙනවා.
ඒ නිසා බොහොම ඉක්මනින් මේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ සිද්ධ කරලා ආණ්ඩුව ගෙදර යවන්න කල්පනා කරන ටීම් එකක් ඉන්නවා. ඉතින් එවැනි ටීම් එකක් ඉද්දී සංවිධානාත්මක සිදුවීම් සිදුවීම වළක්වන්න බෑ.”