ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ලක්ෂ 5කට ලඝු කිරීම පිළිකුල් සහගතයි…! – බන්ධනාගාර නිලධාරී සංගමය…

July 11, 2026 at 10:39 am | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අවස්ථාවේ අමානුෂික ලෙස ඝාතනය කරන ලද බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් රු. ලක්ෂ 05 බැගින් වන්දි ලබාදීමට ගත් තීන්දුව කෙරෙහි කනගාටු වන බව බන්ධනාගාර නිලධාරී සංගමය පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසන්නේ ඝාතනයට ලක්වූ නිලධාරීන් ජීවිත පරදුවට තබා සිදුකළ සේවය රු. ලක්ෂ 5කට ලඝු කිරීම පිළිකුල් සහගත බවයි.

එහෙයින් ඝාතනයට ලක්වූ නිලධාරියෙකු වෙනුවෙන් රු. ලක්ෂ 20ක වන්දියක් ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සකසා දිය යුතු බවද දැනට තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන් වෙනුවෙන් රු. ලක්ෂ 2ක වන්දියක් ලබාදිය යුතු බවද බන්ධනාගාර නිලධාරී සංගමය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *