මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ඊට දින තුන හතරකට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබුණද, එය වළක්වා ගැනීමට රජය අපොහොසත් වී ඇති බවට ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා චෝදනා කරයි.
මෙම සිද්ධිය හදිසියේ ඇති වූවක් නොවන බවත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුම්වත් වී සිටියද නිසි තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් මන්ත්රීවරයා අවධාරණය කරයි.
රටේ වර්තමාන නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාව මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව පෙන්වා දුන් මන්ත්රීවරයා, මීට පෙර ගොවි ජනතාවට සහ ව්යාපාරික ප්රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ලෙස කටයුතු කළ බව සිහිපත් කළේය.
ප්රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කරයි.