මීගමුවේ විපක්ෂ නායක රොයිස් අත්අඩංගුවට!

July 7, 2019 at 3:10 pm | by emanisa.lk

මීගමුව නගර සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු කටාන පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රොයිස් ප්‍රනාන්දු සහ ඔහුගේ ගෝල බාලයන් විසින් ඒ සුරාජ් අප්පුහාමි නමැති ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් දින 4ක් තිස්සේ රඳවා තබා ගැනීම සහ අදාළ නිවසේ තිබූ වෑන් රථයක්, මුදල්, මැණික් සහ ජංගම දුරකථන 3ක් ඇතුළු රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දේපළ කොල්ල කෑමේ චෝදනාව යටතේය.

මෙම ව්‍යාපාරිකයා මීගමුවේ කුඩා හෝටලයක් හිමි චීන ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටින පුද්ගලයෙකි.

රොයිස් ප්‍රනාන්දු දැරූ මීගමුව එජාප සංවිධායක ධුරය පසුගිය පෙබරවාරි මස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට ලබා දීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *