2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.
ඊයේ (15) පස්වරුවේ මාධ්‍ය වෙත වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන
බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණයට එළැඹුණ බවයි.