මිලේනියම් චැලේන්ජ් ගහන්නන හැදුවේ ලංකාවේ ඇමරිකානු හමුදා රඳවන්න..! ආණ්ඩුව ගිවිසුමින් ඉවත් වුණා…! – නීතිපති අධිකරණයට දැනුම් දෙයි….

March 22, 2021 at 1:35 pm | by emanisa.lk

ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇති කර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය ද ප්‍රකාශයට පත්කර ඇති බව නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එසේ ම ඇමෙරිකා හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නැතැයි ද පෙන්වා දුන්නේ ය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මේ බව අධිකරණයට දැන්වූවාය.

ඒ අනුව රජය සහ ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් කීවා ය.

ශ්‍රී ලංකා රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර, ඒ. එච්. එම්. ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *