මිලින්ද ඉන්දීය මහ කොමසාරිස් ධූරය භාරගනී…! සෙත් පිරිත් මැද ධූරයේ වැඩ අරඹයි….!

August 31, 2021 at 9:55 am | by emanisa.lk

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (30) වැඩ භාරගත්තේ ය.

ආචාර්ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත අනුනාහිමි, තරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ රාහුල අනුනාහිමි සහ මහාබෝධි සමාජයේ මහලේකම් පැලවත්තේ සීවිලා නායක හිමි යන හිමිවරුන්ගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මිලින්ද මොරගොඩ සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

මහා සංඝ රත්නය සූම් මෘදුකාංගය ඔස්සේ මෙම අවස්ථාවට එක්වෙමින් පිරිත් සජ්ඣායනා කළහ.

ධූරයේ වැඩ භාර ගැනීමේ පසු මහ කොමසාරිස්වරයා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ අතර ශ්‍රී ලංකාවේ අභිලාෂ සහ ශ්‍රී ලංකාව – ඉන්දියාව අතර සම්බන්ධතා ඉහළ මානයකට ගෙන යෑම සඳහා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මිලින්ද මොරගොඩ ඉන්දීය මහ කොමසාරිස් ධූරයට පත්කිරීමට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව දැඩි ලෙස විරුද්ධ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *