අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් මිරිහාන ජුබිලි කණුවේ අද (31) සැමරුමක් පැවැත්වීමට නියමිතය.
එම සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවක් ද පැවැත්වීමට නියමිතය.