මිනී මරණ අරගලය තව දුරටත් සාමකාමී හරි අහිංසක හරි නෑ…! – මහින්ද….

June 10, 2022 at 12:32 pm | by emanisa.lk

ප්‍රේමකීර්ති අතුකෝරළ ප්‍රදේශයේ ජනතාවගේ හොඳ හිත දිනා ගත් අහිංසක මන්ත්‍රීවරයෙකු මරා දැමූ අයගේ අරගලය තව දුරටත් සාමකාරීම සහ අහිංසක එකක් නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ප්‍රථම වරට පාර්ලිමේන්තුව අමතමින් අද (10) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. ඒ ඝාතනය වූ අමරකීර්ති අතුකෝරළ පිළිබඳ ශෝක යෝජනාව පිළිබඳ අදහස් දක්වමිනි.

අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එහි සිටින ආගමික නායකයින් ද ඔවුන් සිදු කළ ඝාතන නතර කිරීමට කිසිවක් නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා අරගලකරුවන් විසින් මරා දැමීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අද කළු පටි බැඳ සභාවට පැමිණියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *