මන්ත්‍රී අමරකීර්ති මරා දමලා…! සිය දිවි නසාගැනීමක් නෙමෙයි…! – පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි…

May 15, 2022 at 1:24 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මරුමුවට පත්ව ඇත්තේ සිය දිවි නසා ගැනීමකින් නොවන බව හෙළි වී තිබේ.

වතුපිටිවල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී සිරුරේ ඇති කැඩුම් බිඳුම් නිසා අධික රුධිර වහනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

පසුගිය මැයි 09 වෙනිදා නිට්ටඹුවේ දී මැර පිරිසකගේ ප්‍රහාරයකට මන්ත්‍රීවරයා ගොදුරු වී තිබිණි. වාහනය නතර කර ඊට පහර දී මන්ත්‍රීවරයා එළියට ඇද පහර දී ඇති අතර එහි දී ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා මන්ත්‍රීවරයා රැක ගැනීමට උත්සාහ කර තිබේ.

කෙසේ වුව ද පළා ගොස් ගොඩනැඟිල්ලක සැඟව සිටි මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා මරා දැමීමට එම පිරිස කටයුතු කර තිබේ.

කෙසේ වුව ද මෙම මරණය සිය දිවි නසා ගැනීමක් බවට මතයක් සමාජගත කිරීමට ඇතැම් විද්‍යුත් මාධ්‍ය දැඩි උත්සාහයක් දරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *