මිනිස්සු මැරෙන්නේ ආණ්ඩුව එන්නත් නොදුන් නිසයි…! කොවිඩ් පාලනයට රට ලොක්ඩවුන් කළ යුතුමයි….! – රාජිත…

May 8, 2021 at 11:56 am | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රමාදය මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු ගෙන වසංගත රෝග තත්ත්වයන් වළක්වා ගත නොහැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

විපක්ෂය නිසි කලට නිසි උපදෙස් ලබා දුන්න ද ආණ්ඩුව එම උපදෙස් නොතකා හැරී නිසා මෙවැනි තත්ත්වයක් උදා වූ බව ද ඔහු සඳහන් කරයි.

කොවිඩ් පාලනය සඳහා ආණ්ඩුව කිසිවක් නොකළ බවත් සෞඛ්‍ය අංශ උපදෙස් පවා නොතකා දේශපාලන තීන්දු ගත් බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.

මේ වන විට වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට වසා දැමීම හැර කිසිදු විකල්පයක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස