මැතිවරණය ඉල්ලා සජබ මැතිසබේ විරෝධතාවක..! විරෝධයට අනුරලා නෑ..!

February 21, 2023 at 11:28 am | by emanisa.lk

වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සබයේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ.

දියව් දියව් ඡන්දෙ දියව් කියමින් කෑ ගසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

මැතිසබේ ආසනවලින් නැගිට සටන් සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කරන ආකාරය දැක ගත හැකිය.

එම විරෝධතාවට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීම විශේෂත්වයකි.

මැතිවරණය කල් දැමීම පිළිබඳ රනිල් අනුර අතර රහස් එකඟතාවක් ඇති වී ඇති බවට පසුගියදා සුජීව සේනසිංහ චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *