මැටි ඇමැතිල ගොබ්බ නිලධාරීන් ජනතාව ගොනාට අන්දනවා…! – තිස්ස ජනනායකගෙන් දරුණු ප්‍රහාරයක්….

February 25, 2021 at 2:30 pm | by emanisa.lk

මුතුරාජවෙල තෙත්බිම් පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට ප්‍රවීණ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තිස්ස ජනනායක විරෝධය පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ අභයභූමි පැවැතිය යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බව ය.

එවැනි පරිසර පද්ධති සංවර්ධනය නොව සංරක්ෂණය කළ යුතු බව 5 වන පන්තියේ දරුවෙකු පවා දන්නා බව ඔහු අවධාරණය කරයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂා කළ නොහැකි මුතුරාජවෙල පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම ජනතාව ගොනාට ඇන්දවීමක් බව ද එහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *