මැකොගේ මහන්සිය වතුරේ යයි..! පුංචි ඡන්දේ ආයෙත් කල් යයි..?

March 12, 2023 at 11:30 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ ද එය තව දුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

මාර්තු  09 වෙනිදාපැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇත .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *