මාස දෙකකට පසු අගෝස්තු 01 වන දා පළාත් සංචරණ සීමා ඉවතට….?

July 30, 2021 at 8:07 pm | by emanisa.lk

කොවිඩ් වසන්ගතය පැතිර යාම පාලන කිරීම සඳහා මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සඳුදා සිට ඉවත් කිරීමේ සුදානමක් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මුළු දිවයින ම ආරවරණ වන පරිදි මෙම පළාත් සංචරණ සීමා පැනවූයේ ඉකුත් මැයි මස 11 වැනි දිනය. මුලින් ම මැයි මස 30 වැනි දින දක්වා මෙම සංචරණ සීමා පැන වු අතර රටේ පැවැති තත්ත්වය හමුවේ පසුව එය මේ දක්වා දීර්ඝ කර තිබිණි.

කෙසේ වුව ද සංචරණ සීමා ඉවත් කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් සිදුකර නැත. රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ අගෝස්තු 01 වන දා රට විවෘත කිරීම වර්තමාන තත්ත්වය සලකා බලා ගනු ඇති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *