සති ගණනකට පසු රට නැවතත් විවෘතයි…! පළාත් සංචරණ සීමා හෙටින් අවසන්….!

July 4, 2021 at 8:14 am | by emanisa.lk

ජූලි 5 වැනිදා එනම් හෙට සිට මෙතෙක් ක්‍රියාත්මක පළාත් සංචරණ සීමාව ඉවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වී වරින්වර දීර්ඝ කෙරුණු සංචරණ සීමා ලිහිල් වීමෙන් පසුව පළාත් අතර සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ලබා දීමට තීරණය කර තිබිණි.

එහෙත් පවතින ප්‍රායෝගික ගැටලු සලකා බලා හෙට දිනයේ සිට පළාත් අතර සංචරණ සීමා ද හෙට සිට ඉවත් වනු ඇත.

පසුගිය සිකුරාදා රැස්වූ කෝවිඩ් පාලන කාර්ය සාධක බළකාය එම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *