තමන් අත්අඩංගුවේ රඳවා ගෙන සිටින්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කප්පම් නොදුන් නිසා බව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා චෝදනා කරයි.
“කෝටියක් විතර වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30ක් දුන්නේ නැති එකට. මාසෙට කෝටි 30ක් වියදම් කරනවා මාව තංගල්ලේ තියං. දේශබන්දුගේ උවමනාවට තමයි මේ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (14) කොළඹ මහා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණයෙන් නික්ම යන අවස්ථාවේ මාධ්‍ය වෙත ව විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.