මාවනැල්ල බුදු පිළිමයට හානි කළ පුද්ගලයා අත්අඩංගුවට…!

January 5, 2021 at 11:25 am | by emanisa.lk

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණයට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසයි.

එම සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නම් වයස අවුරුදු තිහක පුද්ගලයෙකු වන අතර ඉකුත් මස 28 වැනි දින පේරාදෙනිය රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් යළි රාත්‍රී කෑගල්ල දෙසට එන අතර මෙම සිද්ධිය සිදු කර ඇතැයි පොලිසිය කියයි.

එම බුදු කුටිය තුළ තිබූ රුපියල් 60ක පමණ මුදලක් ද ඔහු විසින් සොරාගෙන ඇති බවට විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණ වී ඇත.

මෙම සැකකරු මීට පෙර ද පිං කැට ආදිය බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *