මාවනැල්ලේ බුදු පිළිම විනාශය පිටුපස අසාද් සාලි….! අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි….

March 23, 2021 at 10:32 am | by emanisa.lk

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සැකකාර අසාද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බවට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානිවන අන්දමින් මහජනයා අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සඳහා අන්තවාදීන්ට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *