අපේ රටේ කාන්තාවන් අඟ පසඟ පෙන්වා ආර්ථිකය ශක්තිමත් කිරීමට සූදානම් නැතැයි එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ පවසයි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇඟළුම් කම්හල් ඉදිකරමින් මේ රටේ කාන්තාවන්ට රැකියා අවස්ථා උත්පාදනය කළ බවයි, ඇය සඳහන් කළේ.
ආණ්ඩු බලය ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික සැලැස්ම කුමක් දැයි තමන් නොදන්නා බව ද ඇය කියයි.
ලාල් කාන්තගේ පෙරහැර පිළිබඳ තමන් නොව හරිනි අමරසූරිය පිළිතුරු දිය යුතු බව ද ශාන්තිනී කෝන්ගහගේ වැඩි දුරටත් ප්‍රකාශ කළාය.