දැනට රජයට පවරාගෙන සිටින සජිත් ප්‍රේමදාසගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස තම රජයක් යටතේ නිදහස් කර පෞද්ගලීකරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද දැනට රජය පවරාගෙන ඇතත් තම රජයක් යටතේ ඇය ද පුද්ගලීකරණය කරන බවත් ඔහු කියා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද රජය විසින් නඩත්තු කිරීම අතහැර පුද්ගලික අංශයට භාරදෙන බව ද ඔහු කියා සිටියේය.
ලාල්කාන්ත මේ බව කීවේ, පසුගියදා (23) ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද ජන රැළියක් අමතමිනි.