මාලිමාවේ පෝස්ටර් ගහගෙන ත්‍රීවිල් දුවන්න පුළුවන් රටක් හැදුවා..! – ජනපති…

April 4, 2024 at 7:48 pm | by emanisa.lk

2022 ජුලි මස ඩොලරයක් රු. 361ක් වුව ද අද එය රු. 300 දක්වා පහත බැස ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගොවිතැන් අස්වනු සාර්ථක වීම, විදේශ ප්‍රේෂණ ලැබීම, පඩි ඉහළ නැංවීම, අස්වැසුම ලැබීම සහ සංචාරක ව්‍යාපාරය සාර්ථක වීම නිසා සිංහල අලුත් අවුරුද්ද මෙවර ඉහළින් සැමරිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එදා විදුලිය නොමැති ත්‍රීවීල් තල්ලු කරගෙන ගිය රටේ අද ඕනෑතරම් ඉන්ධන ඕනෑ තරම් මගීන් ද ඇති නිසා මාලිමාවට ජය වේවා කියා පෝස්ටරයක් ද අලවා ගෙන ත්‍රීවිල්වලට යා හැකි බවයි, රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

රත්නපුර මැණික් කුලුන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අද (04) එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *