මාලිමාවෙන් නිදහස් මාධ්‍යයට තර්ජන… මාධ්‍ය ආයතන වසා දමන බවත් කියයි..!

July 25, 2024 at 7:04 pm | by emanisa.lk

මේ අවස්ථාවේ රටේ බලය දරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පරදින පිරිස බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ, දැනට රටේ ක්‍රියාත්මක වන ඇතැම් ජනමාධ්‍යය ද එලෙස පරදින අයට අයත් බවයි.

ඔවුන්ගේ පරාජයත් සමග එම ඇතැම් ජනමාධ්‍ය ජනසතු කරන අතර සමහර මාධ්‍ය ආයතනවලට කුමක් වේදැයි කිව නොහැකි බවට ද හෙතෙම අනතුරු අඟවයි.

එම මාධ්‍ය නැවත කිසිදා මාධ්‍ය කටයුතු නොකරනු ඇති බවත් උදේ සිට රාත්‍රිය වන තුරු මඩ ප්‍රචාරය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *