සිය පක්ෂය නිර්මාණය කර මහා මැතිවරණය සඳහා තරඟ කිරීමට පැවතියේ මසක පමණ කාලයක් යැයි ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක පවසයි.
එම කාලය තුළ සංවිධානය වී දිස්ත්‍රික්ක 9ක තරඟ කළ ද ජයග්‍රහණය නොලැබුණ ද ජනතා මතයට හිස නමන බව ඔහු සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයෙන් තරඟ කිරීමට ආරාධනා කළ බවත් ඔවුන් සමග තරඟ කළා නම් තමන් ජයග්‍රහණය කරන බවත් රංජන් රාමනායක ප්‍රකාශ කරයි.
එදා මෙන් ම අදත් හොරු ඇල්ලීමට නම් මාලිමා ආණ්ඩුවක් බලයට පැමිණිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කරයි.
අද (22) නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රංජන් රාමනායක මේ බව කීය.