මාර්ගවල විදුලි ලාම්පු නිවා දමන්න…! විදුලිය පිරිමසින්න එක් වන්න..! – බැසිල්…

March 8, 2022 at 11:43 am | by emanisa.lk

විදුලිය පිරිමැසීමට මෙම මස 31 වනදා දක්වා සියලු වීදි ලාම්පු අක‍්‍රිය කර තබන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ සියලු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට දන්වා ඇත.

විදුලිය ඉතිරි කිරීමට ක‍්‍රියාත්මක කළ හැකි විකල්ප ක‍්‍රමවේ ද වේ නම් එය ද ක‍්‍රියාවට නංවා තමාට දන්වන ලෙස ලිපියක් මගින් දන්වා ඇති මුදල් ඇමැතිවරයා මෙම ජාතික යුතුකම ඉටුකිරීමට සියලු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ සෘජු මැදිහත්වීම අපේක්‍ෂා කරන බව ද එහි සඳහන් වේ.

ජලවිදුලි බලාගාර, පවතින වැසි රහිත කාලගුණය තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අක‍්‍රිය තත්ත්වයට පත්වීමත් එම අඩුව පිරවීමට ඩීසල් හා දැවි තෙල් මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ දී ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති නමුත් ඩොලර් සංචිත සීමා සහිත මට්ටමක පැවතීමෙන් තත්ත්වය වඩාත් අසීරු වී ඇති බවත් එමගින් දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *