මානව හිමිකම් සමුළුවේ දී මිත්‍ර රටවල් 21ක් ලංකාව ආරක්ෂා කරයි….! යුරෝපා රටවල් 15ක් එරෙහි වෙයි…!

February 26, 2021 at 8:55 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී රටවල් 21 ක් ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිට ඇතැයි වාර්තා වෙයි.

ඇමරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය, නෝර්වේ, ජර්මනිය වැනි යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 15 ක් අපට එරෙහිව වාද කර ඇත.

ඒ අතර ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් 03 මධ්‍යස්ථව අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සංවාද කළ මිත්‍ර රාජ්‍ය වන්නේ රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය, වියට්නාමය, පිලිපීනය, මාලදිවයින, කියුබාව, නිකරගුවාව, එරිත්‍රියාව, නේපාලය, කාම්බෝජය, ලාඕසය, අසර්බයිජානය, බෙලාරුස්, ගැබොන්, සිරියාව සහ ඊජිප්තුව ඇතුළු රටවල් 21කි.

ලංකාවට පක්ෂව අදහස් දැක් වූ රටවල් 10කට එ.ජා. මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය ද හිමිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *