ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට එරෙහිව ඉතාලියේ නිලනෝ නුවර නගරයේ දී විරෝධතාවක් පවත්වා තිබේ.
විරෝධතාව සංවිධානය කර තිබුනේ මිලානෝ නුවර චෙන්ත්රාලේ ප්රධාන දුම්රියපොළ ඉදිරිපිටය. මේ සඳහා එරට වෙසෙන ශ්රී ලාංකිකයන් සම්බන්ධ වී තිබේ.
නිරෝධායන නීති රීතිවලට අනුකූලව පැවැති උද්ඝෝෂණය සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් වාර්තාව පසුගියදා ඉදිරිපත් කර තිබුණි.