අනාගත පරපුරට නිදහසේ ඉගෙන ගෙන නිදහසේ ජීවත්විය හැකි නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව වැනි රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
“ඉතාම නුදුරු කාලයකදී ඔබේ මාතෘභූමියත් ඕස්ට්‍රේලියාව වගේම අනාගත දරු පරම්පරාවට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, යුක්තිගරුක, නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන ඔබ මේ ඕස්ටේලියාවට ඇවිත් ජීවත් වෙන්න බලාපොරොත්තු වනවා හා සමාන සුන්දර රටක් බවට අපි පත්කරනවා.
මෙතන ඉන්න කිසිම කෙනෙක් ඔබට ආයෝජන අවස්ථාවක් ලැබුණොත් ලංකාව වෙනුවට වෙනත් රටක් තෝරායි කියලා මම විශ්වාස කරන්නේ නෑ. අපි ඊයේ දවසේ ආයෝජන කණ්ඩායම් 10ක් මුණගැහුණා. මීට කලින් ආයෝජන අරන් ලංකාවට ගිහින් දේශපාලකයන් නිලධාරීන් මුණ ගැසෙමින් බොහෝ කාලයක් රස්තියාදු වෙලා තියෙනවා. සමහරුන් අල්ලස් දෙන්න වෙලා තියෙනවා. ඒ අවස්ථා සාර්ථක කරගන්න බැරිව නැවත ඕස්ටේලියාවට ඇවිත් තිබෙනවා. ලංකාවේ ආයෝජන ඉතිහාසය ලියද්දි සන්ධිස්ථානයක් බවට අද දවස පත්වෙනවා.”
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ Australia Sri Lanka Business Forum (ASLBF) මගින් සංවිධානය කළ ‘Sri Lankan Entrepreneurs’ Night 2026’ ව්‍යවසායක සමුළුව පසුගියදා (15) දින මෙල්බර්න් නුවර The Grandeur හිදී අමතමිනි.