අපට කිසි ආදායමක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.. බන්දුල කිව්වට 2500න් නම් බෑ..! – හඳුන්නෙත්ති..

March 26, 2024 at 6:01 pm | by emanisa.lk

බන්දුල ගුණවර්ධන කියන ආකාරයට පවුලකට මාසයක් රු. 2500කින් ජීවත් විය නොහැකි බව ජාතික ජන බලවේග විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙසේ වුව ද ජවිපෙ නායකයින්ට මන්ත්‍රී වැටුප ද නොගෙන පක්ෂයෙන් දීමනාවක් ද නොගෙන ජීවත් විය හැකි බවයි, ඔහු සඳහන් කළේ.

තමන් මන්ත්‍රීවරයෙකු ජනතා නායකයෙකු වීමට පෙර ජීවත් වූ ආකාරයක් ඇති බවත් එලෙස ම දැන් ද ජීවත් විය හැකි බවත් හෙතෙම කියයි.

මහජන දේපළ හොරකම් නොකරන්නේ නම් කිසිවෙකුට කරදරයක් නැත්නම් තම දරුවන් ද අවශ්‍ය නම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද යොමු කරමින් ජීවත් වීමේ වරදක් නැතැයි සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *