මාක්ස් දාගෙන මීටරේ දුරින් රඟපාන්න බෑ…! මම මැරුණොත් දරුවට අම්මා කෙනෙක් නෑ…! රජය මැදිහත් වී රූගත කිරීම් නවතන්න….! – හිමාලි සයුරංගි….

August 14, 2021 at 1:52 pm | by emanisa.lk

ජනප්‍රිය නිළියක් වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ උදේනිගේ චරිතයට රඟපාන හිමාලි සයුරංගි තබා ඇති ෆේස්බුක් සටහනකි.

රූප ගත කිරීම් නවත්වන්න
හඩ නගමු
මුඛ ආවරන දමා අපට රගපාන්න බෑ. මීටරේ දුර තියන් රගපාන්නත් බෑ.. makeup කරන කොට..දහදිය පිහින කොට, powder කරන කොට, අපිට ලබා දෙන ඇඳුම් මගින් අපිට රෝගය බෝ වෙන්න පුළුවන් තත්ත්වය වේගවත්.

එක එකා මැරි මැරි වැටෙත්දිත් තවමත් අපිට මේ රැකියාව කරන්න වෙලා.. නීතියෙන් අපි ආයතනවලට බැදිලා.. මේ හැම දේම අපි කරන්නෙ ජීවත් වෙන්න.. කලාකරුවන් කියන්නෙ පෝසත් පොත්වල සල්ලි ගොඩ ගහපු මිනිස්සු නෙමෙයි..

රසිකත්වය තමයි ජීව්ත ආසාව පැත්තකින් තියල අපිට ඔවුන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න මොරාල් එක දෙන්නේ.. නිවසට එන ඔවුන්ගේ එකම සතුට අපේ නාටයක් බලන එක. ඒ සතුට නැති කරන්න ලෝබයි.. අපිට තියන ලොකුම සවිය ඔබේ ආදරය පමණයි.. මම මැරුනොත් මගේ චරිතය වෙන කවුරු හෝ කරාවි.. මගේ දරුවට අම්මා කෙනෙක් වෙන්නෙ කවුද?

රජය විසින් මේ තත්ත්වය පාලනය කළ යුතුයි නේද.. රගපෑමේදී කිසිදු විධිමත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වේදයක් අනුගමනය කරමින් රගපෑම් කළ නොහැක.. කලාකරුවන් එක එකා නොමරා මරන් නැතිව කෙටි කාලයකට සියලුම නාට්‍ය රූපගත කිරීම් නවතා දමන්නට මැදිහත් වෙමු..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස