මහ බැංකු හොරු නිදැල්ලේ සිටීම ගැන ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි….! – පොහොට්ටු මන්ත්‍රී…

July 20, 2021 at 10:21 pm | by emanisa.lk

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය ගෙන ආ යුත්තේ ආණ්ඩු පක්ෂයේ තමන් විසින් බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

මහ බැංකු හොරකමේ සිට දැවැන්ත හොරකම් මගින් මේ රට විනාශ කළ කල්ලිය තවමත් නිදහසේ සිටින්නේ කෙසේ දැයි විමසා විශ්වාසභංගයක් ගෙන ආ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එම අපරාධකාරයින් අදත් සත්ගුණවත් මහත්වරු මෙන් සමාජයේ හැසිරෙන බවට ද වීරසුමන වීරසිංහ චෝදනා කරයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව ගොනුකළ විශ්වාසභංග යෝජනා විවාදයට එකතු වෙමින් ඔහු (20) මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස