මහ බැංකු නිලධාරීන්ගේ 70%ක පඩි වැඩි කිරීම අහෝසි කරන යෝජනාවක්..!

March 14, 2024 at 10:18 am | by emanisa.lk

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට ඊයේ (13) බාර දුන්නේය.

මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.

මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.

ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බව සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *