මහ බැංකුවෙන් වංචා කළ මුදලින් අයවැය පියවීම ගැන අපට ලැජ්ජයි…! – කිරිඇල්ල…

November 15, 2021 at 10:09 pm | by emanisa.lk

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් බැඳුම්කර වංචාවෙන් උපයාගත් හොර සල්ලි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද (15) අයවැය කියවීමේ විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද එම හොර සල්ලිවලින් අයවැය පියවීමට මේ ආණ්ඩුව සිදුව ඇති බවත් එය ලැජ්ජාවට තරුණක් බවත් ඔහු අවධාරණය කරයි.

එහි දී සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තම ආණ්ඩුව කළ ප්‍රථම වතාවට මහා බැඳුම්කර වංචාව පිළිගත් බවය.

එහිදී ඇමැති රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ, බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදලින් එවක මැති ඇමැතිවරුන්ට ඡන්ද වියදම් සඳහා ලක්ෂ 200 බැගින් බෙදු බවත් ඉතිරි බිලියන 850 ඉතිරිකර ගත්තේ ඊළඟ මැතිවරණය සඳහා වැය කිරීමට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *