මහ පරිමාණ මෝල් ගබඩා රජය යටතට…! සහල් තොග පාලන මිලට ජනතාවට….! වී තොග කුඩා මෝල් හිමියන්ට…! – ජනපති නියෝග කරයි…

September 7, 2021 at 9:41 pm | by emanisa.lk

රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට සහල් නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි.

මෙතෙක් වෙළෙඳපොළේ සැලකිය යුතු ආකාරයෙන් සහල් මිල පහත දමා නොමැති බව ඇමැතිවරුන් විසින් පෙන්වා දීම නිසා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී තිබේ.

සුදු සහ රතු කැකුළු සඳහා කිලෝවකට රුපියල් 95 ක ද නාඩු කිලෝවකට රුපියල් 98 කට ද, සම්බා කිලෝවකට රුපියල් 103කට ද කීරි සම්බා කිලෝවකට රුපියල් 125 කද උපරිම සිල්ලර මිලක් රජය විසින් ඉකුත් දා පනවනු ලැබීය.

ඔවුන් සතු වී ගබඩාවල වී ⁣තොග ද රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගෙන කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට දි සහල් කර පාලන මිලට අලෙවි කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත .

ඒ අනුව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද හෙට පොළොන්නරුවේ ගබඩා පරික්ෂා කිරීමට යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *