අපි වී ගබඩා කළේ මත්තල ගුවන්තොටුපළ මගීි පර්යන්තයේ නෙමෙයි; ගබඩා පර්යන්තයේ! – අශෝක්

December 5, 2020 at 11:33 pm | by emanisa.lk

තම ආණ්ඩුව වී ගබඩා කළේ මත්තල ගුවන්තොටුපළේ නොවන බව හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

එකල වී ගබඩා කළේ ගුවන්තොටුපළ ගබඩා සංකීර්ණයේ බව ද ඔහු සඳහන් කළේ ය.

එමගින් ගුවන්තොටුපළට යම් අලාභයක් වී ඇත්නම් එය පියවාගත යුත්තේ වී අලෙවි මණ්ඩලයෙන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

කෙසේ වුවද මත්තල ගුවන්තොටුපළේ ගබඩා සංකීර්ණ තැනුවේ වී ගබඩා කිරීමට දැයි ඇමැති නාමල් රාජපක්ෂ විමසූ විට ඔහු සඳහන් කළේ එසේ නොවන බව ය.

අද (05) පාර්ලිමේන්තුවේ දී ඇමැති නාමල් රාජපක්ෂ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අශෝක් අබේසිංහ මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *