මහින්ද 09 වෙනිදා නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි!

August 7, 2020 at 1:49 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල නිකුත් වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දමා තිබේ.

මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මෙම මස 09 වෙනිදා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව එදින උදෑසන 8.30ට කැලණිය රජ මහා විහාරයේ දී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ අනුරාධපුරා රුවන්මැලි සෑ මළුවේය.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *