මහින්ද යුගේ රටේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිශතය 350%කින් ඉහළ ගියා..! යහපාලන යුගේ තිබ්බ ටිකත් නැති වුණා..! 2000ක් රට අතහැර යන්න ගියා…! – අනුරුද්ධ පාදෙණිය…

January 10, 2021 at 7:42 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 2005-2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේ 350%කින් ඉහළ ගිය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

අද (10) කුරුණෑගල දී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කුරුණෑගල දිස්ත්‍රික් රෝහල්වල අඩුපාඩු සොයා බැලීමේ හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේ ය.

1948-2008 වසර දක්වා 600කට සීමා වී තිබු රටේ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2008-2015 කාලයේ දී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ දී 2100 දක්වා ඉහළ දැමූ බව විශේෂඥ වෛද්‍ය පාදෙණිය සඳහන් කළේ ය.

එහෙත් 2015-2020 කාලයේ දී එම සංඛ්‍යාව 2086 දක්වා අඩු වී ඇති බවත්

පසුගිය ආණ්ඩුව සමයේ වෛද්‍ය පත්වීම් ප්‍රමාද වීම නිසා වෛද්‍යවරුන් 4000 කින් 2000 ක් රට හැර ගියා හෝ කුමක් සිදුවී දැයි දැන ගන්නට නොමැති තත්ත්වට පත්ව ඇතැයි ද හෙතම අනාවරණය කළේ ය.

මහරගම පිළිකා රෝහලට වෙනදා දිනකට ඇතුළු වූ රෝගීන් ගණන දෙදෙනෙක් තුන්දෙනෙක් වුවද දැනට එම සංඛ්‍යාව දිනකට 74-78 දක්වා ඉහළ ගොස් ඇතැයි කී විශේෂඥ වෛද්‍ය පාදෙණිය කෘෂි රසායන භාවිතය නවතා දමමින් කෘෂි කර්මාන්තය කාබනික හෝ හෙළ ගොවිතැනට යොමු කරන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස