මහින්ද කියන්නේ රට ගොඩනැඟූ ප්‍රතාපවත් නායකයා! රාජිතගේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් නෑ! මහින්දට ගෙදර යන්න කීවේ වැරදීමකින්! – මාගල්කන්දේ සුදත්ත හිමි (video)

January 3, 2020 at 9:56 pm | by emanisa.lk

මහතීර් මොහොමඩ් මැලේසියාව ගොඩනැඟූ ආකාරයටම මේ රට ගොඩනැඟුවේ මහින්ද රාජපක්ෂ බව සිංහල රාවය සංවිධානයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

රාජිත සේනාරත්නට ඇප ලබා දීමේ සිද්ධියට මහින්ද රාජපක්ෂගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් නීතිය ක්‍රියාත්මක කළ ආයතන පිළිබඳ බරපතළ ගැටළු මතු වී ඇති බවත් සුදත්ත හිමි පෙන්වා දුන්නේය.

තමා දින කිහිපයකට පෙර ඒ පිළිබඳ අගමැතිවරයාට චෝදනා කළේ වැරදි තොරතුරු මත පදනම් වී ඇති වූ කනගාටුව නිසා බවත් මහින්ද රාජපක්ෂ යනු තිස් වසරක ශාපලත් යුද්ධය නිමා කළ ප්‍රතාපවත් නායකයෙක් බවත් එහිමියන් සඳහන් කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස