මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම නැවත ආණ්ඩුවට එකතුවීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ මෙම පණිවිඩය ඊයේ (16) දිනයේ දී ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ඊයේ දිනයේ දී ම ජනාධිපතිවරයා ඒ බව මහින්ද රාජපක්ෂට ද දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.
අගමැතිවරයා ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි ද ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළ ද අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි සූදානමක් නොමැති බවයි.