මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි….! රෙකෝඩ් තියල වැඩ කළ මට ඇමැතිකමක් නෑ…! මම හොඳට ම කරකිරිලා…! – එස්.බී.

July 16, 2021 at 7:53 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂට පසු ආණ්ඩුවේ සිටින ජ්‍යේෂ්ඨයා තමා වුවත් තමන්ට ඇමැති ධූරයක් ලබා දී නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක පවසයි.

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ.

කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා.

මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ. අපි වර්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස