මහින්දට ගෝඨාභයට කැනඩාවෙන් යුද අපරාධ චෝදනා…! ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු G7 රටවලත් සහය පතයි..!

January 21, 2023 at 4:17 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තව දුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු ඇමැතිනී මෙලනි ජොලි පවසයි.

“අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා වගේම යුක්තිය ක්‍රියාත්මකවීම සම්බන්ධවත් අවධානයෙන් සිටියා. කැනඩාව සෑම විටම මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා.

ඒ වගේම කැනඩාව වසර ගණනාවක් පුරාවට වගවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රශ්න කිරීමට කටයුතු කළා. වගවීම පිළිබඳව ප්‍රශ්නයක් පවතින්නේ නම් එවිට ජාත්‍යන්තර නීතීය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රාජපක්ෂ සහෝදරයින්ට සහ අනෙක් අයට ශක්තිමත් සම්බාධක පැනවීමට තීරණය කළේ.

මේ හරහා ඔවුන් සතුව කැනඩාවේ ඇති වත්කම් තහනම් කරනු ලබන අතර ඔවුන්ට කැනඩාවට ඇතුළත්වීමට ද අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ වගේම G7 රටවල් මෙවැනි පියවර ගැනීමට අවශ්‍ය පෙළඹවීම සිදුකිරීමයි අපේ අරමුණ.”

දෙමළ නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඈ මේ බව ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *