මහින්දගේ වේදිකාවේ කතා පැවැත්වීම හැර විමල් රටට කළ දෙයක් නෑ… ! ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඔහුට වඩා රටට වැඩ කළා…! පොරක් නම් තනිව ඡන්දේ ඉල්ලා ජයගනු…! – මහින්ද පතිරණ…

February 11, 2021 at 7:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනකි.

“වැල්වටාරම් අවශ්‍ය නැත. මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය යන තිදෙනා විසින් 2005-2015 අතර කාලයේ දී යුද්ධය අවසන් කොට රටේ ආර්ථිකය තිබුණ තැන සිට හතර ගුණයකින් ඔසවා තැබූ නිසා මිස අනෙකක් නිසා නොවේ.

විමල් වීරවංශ වැන්නන් එම ව්‍යාපෘතිය තුළ කළ කිසිවක් නැත. එහෙත් එකක් කළේය. ඒ රාජපක්ෂවරුන්ගේ සාර්ථකත්වය හමුවේ ඔවුන්ගේ වේදිකාව වටා රැස්වූ ජනතාව ඉදිරියේ කතා පැවැත්වීමයි. කතා පැවැත්වීම හැර වීරවංශ මහතා විසින් රට වෙනුවෙන් කළ එක ජාතික කාර්යභාරක් නම් කරන්න. කිසිවක් නැත. ඇත්ත තත්වය එයයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඔහුට වඩා ජනතාව වෙනුවෙන් වැඩ කොට ඇත. මහින්ද පරාජයෙන් පසු ද විමල් කළේ ද නැගී එන මහින්ද රැල්ලට කතා කිරීම පමණි. විමල් වීරවංශ විසින් මහින්ද සුළඟ නිර්මාණය කළේ යැයි කියන අයගේ අඥානකම ගැන අපට කළ හැක්කේ සිනාසීම පමණි.

ඒ කෙසේ වෙතත්, මොහොතකට සිතන්න වීරවංශ මහතා මහා දේශපාලන චරිතයක් කියා. එසේ නම් ඔහු විසින් කළ යුත්තේ තම පක්ෂයෙන් තනිව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුට පත්වීමයි. එම අභියෝගය ඔහු විසින් බාර නොගැනීම යනු කවුරු කෙසේ කොහොම කීවද විමල් තම ඇඟිල්ලේ තරම ගැන අවබෝධයෙන් සිටින බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *