විමල් ළඟ ඉන්න වසන්ත බණ්ඩාර විදෙස් ඔත්තුකරුවෙක්! – මහින්ද පතිරණ

October 5, 2020 at 7:54 am | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර විදෙස් ඔත්තුකරුවෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ පවසයි.

මහින්ද පතිරණ ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

“විමල් තම දේශපාලනය විනාශ කර ගන්නේ විදෙස් ඔත්තු සේවයක කුලීකරුවෙකු වන වසන්ත බණ්ඩාර නිසා ය. ඒ වගත් ලියා තබමි. තීරණ ගැනීම ඔහු සතුය.”

ඔහු තවත් සටහනක් තබමින් පවසන්නේ විදෙස් ඔත්තුකරුවන් ලෙස තෝරා ගන්නේ දැඩි ජාතික නැඹුරුවක් ඇති අය බවය.

“විදෙස් බුද්ධි අංශ විසින් තම ඔත්තුකරුවන් ලෙස තෝරා ගන්නේ දැඩි දේශීය හෝ ජාතික නැඔුරුවක් ඇති පුද්ගලයින්ය. මන්ද කිසිවෙකු ඒ ගැන සැක සිතන්නේ නැත. ඔවුන්ගේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ පාලන තන්ත්‍රවල ස්ථාවරත්වය බිඳ දැමීමයි. 2015ට පෙර විමල් වීරවංශ මහතා විසින් එවක මහින්ද පාලනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට ආර්ථික ඝාතක චෝදනා එල්ල කරන්නේ එවන් පසුබිමකයි.”

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජර්මන් භාෂාව උගන්වන කථිකාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ විකිලික්ස් හෝරාව ආදී කෘති රචනා කළ විචාරකයෙකු ද වෙයි. වෛද්‍ය වසන්ත බණ්ඩාර බොහෝ කාලයක සිට ජාතිකවාදී කඳවුරට නායකත්වය දෙන චරිතයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස