මහවැලිය දෙපස පැල 167 500ක් රෝපණය කරයි…!

May 7, 2021 at 9:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දිග ම ගඟ වන මහවැලි ගඟ දෙපස කුඹුක් හා උණ පැළ 167 500ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය හා ටොකියෝ සිමෙන්ති සමාගම ගිවිසුම් අත්සන් කරයි.

ශ්‍රී ලංකාවේ දිග ම ගඟ වන මහවැලි ගංගාවේ ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා ගං ඉවුරු දෙපස උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ටෝකියෝ සිමෙන්ති සමාගම එක්ව (06) දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මහවැලි ග‍ඟේ දිග කි.මී. 335ක් වන අතර ඒ දෙපස 20%ක් උණ පැළ සහ 80%ක් කුඹුක් පැළ සිටුවීමට නියමිත ය. මෙමගින් ගං ඉවුරු ඛාදනය වැළැක්වීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කරන අතර ගංගාවක් ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘතියක් දියත් වන්නේ ප්‍රථම වතාවට ය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්.එස්. ඥානම් ඊට අත්සන් තැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන ආර්. ඒ. ආර්. රූපසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *