මහනුවර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
අද (03) මහනුවර දී පැවැති නිලවරණයේ දී එම සමූපකාර සමිතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්ව ඇති සියලු ම සාමාජිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වීම විශේෂත්වයකි.
එහි සභාපති ධුරය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සහෝදරයකු වන රුවන් බණ්ඩාර තෙන්නකෝන්ට ය.