ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නේ ඇපපිට සැකපිට සිටින අය නම් උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලාත් ඇපපිට සැකපිට සිටින අයදැයි මහජන කේන්ද්‍රයේ කැළුම් ජයසුමන ප්‍රශ්න කරයි.
එසේම ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය, එහි සභාපති රජිව් අමරසූරිය, අධිකරණ සේවා සංගමයේ 65කට අධික විනිසුරුවරුන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර නීතිඥ සංගම් සිටින්නේ ඇපපිට සැකපිට දැයි හෙතෙම විමසා සිටියි.
කෙසේ වුවද වර්තමාන ආණ්ඩුවේ ටිල්වින් සිල්වාගේ සිට පහළට සිටින සාතිශය බහුතරයක් පිරිස 88-89 යුගයේ උගුර දක්වා මිනී කෑ ඇපපිට සැකපිට සිටින පිරිසක්ද බවද චන්න ජයසුමන අවධාරණය කරයි.
එපමණක් නොව වර්තමාන ආණ්ඩුව යටතේ ගල් අඟුරු වංචාව, කන්ටේනර් වංචාව ඇතුළු දැවැන්ත වංචා සිදුකළ පිරිසක්ද ඇපපිට සැකපිට ආණ්ඩුවේ සිටන බවද ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.