මහජන මුදල් බිලියන 14ක් ගසා කාල…! එදිරිසිංහ පවුල ම අත්අඩංගුවට…!

January 6, 2021 at 8:19 am | by emanisa.lk

ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන හිටපු අධ්‍යක්‍ෂවරුන් ය.

ETI ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණි.

ETI ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයාට ද උපදෙස් ලබාදී තිබිණි.

ඒ රුපියල් බිලියන 13.7 ක තැන්පතු නීතිවිරෝධීව භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *