මස්කෙලිය ජුම්මා පල්ලියෙන් පිහි 49ක් පොරෝ 03ක් අල්ලයි!

April 27, 2019 at 6:38 pm | by admin

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් සහ පොරෝ 03ක් පොලිස් භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිපවරයා සඳහන් කරයි. අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරෝ තුන පොලිස් භාරයට ගෙන ඇත.

පල්ලියේ ගබඩා කාමරයේ පිහි සහ පොරෝ ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *