මසක් ඇතුළත IOC තෙල් යළි ඉහළට…! පෙට්‍රල් රු. 204.. ඩීීසල් රු. 139යි…!.

February 26, 2022 at 5:43 am | by emanisa.lk

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20 කිනි.

මේ සමග මෙතෙක් රුපියල් 184ක් ව පැවති එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක් වේ.

එසේම මෙතෙක් රුපියල් 124ක්ව පැවති එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇත.

ලංකා IOC සමාගම පසුගිය පෙබරවාරි 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ අතර ඒ අනුව එම සමාගම මේ මාසය තුළ පමණක් දෙවතාවක දී විශාල අගයකින් ඉන්ධන මිල වැඩිකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස