මිය ගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තා වෙයි.
මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා, මවගේ පාංශුකූල කටයුතු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදු කර ඇත.
මෙම පවුල වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා නිසා විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී තිබේ. ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් 1000 බැගින් විහාරස්ථදායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ පවසා ඇති බව වාර්තා වේ.